Wednesday, August 17, 2016

Virus නිසා USB DRIVE වල නැතිවුන files නැවත ලබාගමු....

හැම දෙනාටම සුභ දවසක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.

පරිගණක වයිරස් ගැන ඔයාලා දන්නවා ඇතිනෙ.
පරිගණක වයිරස් හුවමාරු වෙන ප්‍රධාන මාධ්‍යක් තමයි පෙන් ඩ්‍රයිව් කියන්නෙ. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නෙ වයිරස් නිසා පෙන් වලින් / sd card අයින් උන අත්‍යවශ්‍ය ෆයිල් නැවත ලබා ගන්නෙ කොහොමද කියලා.


Avast , avaira , Eset වගේ antivirus මෘදුකාංග පාවිච්චි කරලා ඒ වයිරස් අපේ පෙන් ඩ්‍රයිව් වලින් අයින් කලත් වයිරස් වලින් අයින් උන ෆයිල් නැවත ලබාගන්න බෑ. ඒ ෆයිල් නැවත ලබා ගන්නෙ කොහොමද කියලා බලමු.

මේකෙ නම “Pen_ Protector”. මේක පොඩි ෆයිල් එකක් (4K byte). කරන්න තියෙන්නේ පොඩි වැඩක්.


Step 01…. මුලින්ම මේ ෆයිල් එක USB Drive එකට copy කරන්න.


Step 02…. ෆයිල් එක double click කරලා open කරන්න. එතකොට Command prompt වලින් මේ වගේ වැඩසටහනක් open වෙයි.


Step 03…. Keyboard එකේ ඕනි ම key එකක් ඔබන්න.


කරන්න තියෙන්නෙ එච්චරයි. දැන් පෙන් ඩ්‍රයිව් එකට ගිහින් බලන්න අලුතෙන් ෆොල්ඩර් එකක් හැදිලා ඇති. ඒකට ගිහින් බලන්න අයින් වෙලා තිබුන ෆයිල් නැවතත් පෙන්නයි.

වැඩසටහන ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් එක මෙන්න..
https://drive.google.com/file/d/0B5Qd2aMQsG-cc1NJaWZxNkl6Unc/view?usp=drivesdk





කවුරු හරි කෙනෙක්ට වැදගත් වෙයි කියලා දැම්මේ. පුලුවන්නම් comment එකක් දාගෙන යන්න. ඒ වගේම මට මේ වැඩසටහන දීලා මේ ගැන කියා දීපු සියලු දෙනාට මාගේ ස්තූතිය පුද කරනවා.



No comments:

Post a Comment