Wednesday, August 24, 2016

ත්‍රිමාන රූප අවකාශයේ මවමු. 3D hologram projector.

අද මං ඔයාලට කියල දෙන්න හදන්නේ ඔයාලගෙ ස්මාර්ට් පෝන් එක පාවිච්චි කරලා hologram 3D projector එකක් හදන්නෙ කොහොමද කියලා.


හොදයි. අපි බලමු මේක හදන්න ඕනි කරන්නෙ මොනවද කියලා.
  • ස්මාර්ට් පෝන් එකක්.
  • පරණ ප්ලාස්ටික් cd case
  • පේපර් කටර් එකක්. 
  • අඩි රූලක්.
  • සෙලෝටේප්.


ඕනි කරන දේවල් හොයා ගත්තනම් අපි දැන් මේක හදන්න පටන් ගමු.


Step 1.
පරණ cd case වලින් මේ වගේ හැඩතල 4ක් කපා ගන්න ඕනි. හැඩතල කපාගන්න මේ මිනුම් පාවිච්චි කරන්න.




Step 2.
කපා ගත්ත හැඩතල හතර මේ වගේ හැඩයක් එන විදිහට අලව ගන්න ඕනි. සෙලෝටේප් එකක් පාවිච්චි කරලා අලව ගන්න. සිලිකන් ගම් උනත් මේකට සුදුසුයි. සුපිර් ග්ලූ වගේ ගම් පාවිච්චි කරන්න එපා.







Step 3.
දැන් කරන්න තියෙන්නෙ මං පහලින් දීලා තියන වීඩියෝ download කරන එක. පෝන් එකේ brightness වැඩි කරලා වීඩියෝ එක play කරන්න.
අපි හදාගත්ත ආකෘතිය දුරකථනයේ display එකේ හරි මැදින් තියලා බලන්න.



වැඩ ඔක්කොම ඉවරයි. මේ තියෙන්නෙ අපි හදාගත්ත hologram projecter එකේ play කරන්න ඕනි
වීඩියෝ youtube එකෙන් download කරගන්න ඕනි ලින්ක්....

http://www.youtube.com/playlist?list=PLEDIINra_HqJwpS95mu6-18UymW3lXYIJ



Hologram project එකක් හදන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා.

https://youtu.be/uwQYadVz6_A






මේ hologram තාක්ෂණය පාවිච්චි කරලා හදපු සරල වැඩක්. මේකෙදි අපි පාවිච්චි කලේ විදයාවේදී භාවිතා වන සරල සංසිද්ධි කිහිපයක්. මේ තාක්ෂණය භාවිතා කරලා තවත් බොහෝ දේවල් කරන්න පුලුවන්. ඒ ගැන ගොඩක් විස්තර අන්තර්ජාලය මගින් හොයාගන්න පුලුවන්.

හදලා බලලා කොහොමද කියලා කියන්න. මොනවා හරි ගැටලුවක් තියනවනම් කියන්න මං උදව් කරන්නම්. පුලුවන්නම් කමෙන්ටුවක් දාගෙන යන්න. ඔයාලා හැමෝටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

No comments:

Post a Comment