Wednesday, August 24, 2016

ත්‍රිමාන රූප අවකාශයේ මවමු. 3D hologram projector.

අද මං ඔයාලට කියල දෙන්න හදන්නේ ඔයාලගෙ ස්මාර්ට් පෝන් එක පාවිච්චි කරලා hologram 3D projector එකක් හදන්නෙ කොහොමද කියලා.


හොදයි. අපි බලමු මේක හදන්න ඕනි කරන්නෙ මොනවද කියලා.
  • ස්මාර්ට් පෝන් එකක්.
  • පරණ ප්ලාස්ටික් cd case
  • පේපර් කටර් එකක්. 
  • අඩි රූලක්.
  • සෙලෝටේප්.


ඕනි කරන දේවල් හොයා ගත්තනම් අපි දැන් මේක හදන්න පටන් ගමු.


Step 1.
පරණ cd case වලින් මේ වගේ හැඩතල 4ක් කපා ගන්න ඕනි. හැඩතල කපාගන්න මේ මිනුම් පාවිච්චි කරන්න.




Step 2.
කපා ගත්ත හැඩතල හතර මේ වගේ හැඩයක් එන විදිහට අලව ගන්න ඕනි. සෙලෝටේප් එකක් පාවිච්චි කරලා අලව ගන්න. සිලිකන් ගම් උනත් මේකට සුදුසුයි. සුපිර් ග්ලූ වගේ ගම් පාවිච්චි කරන්න එපා.







Step 3.
දැන් කරන්න තියෙන්නෙ මං පහලින් දීලා තියන වීඩියෝ download කරන එක. පෝන් එකේ brightness වැඩි කරලා වීඩියෝ එක play කරන්න.
අපි හදාගත්ත ආකෘතිය දුරකථනයේ display එකේ හරි මැදින් තියලා බලන්න.



වැඩ ඔක්කොම ඉවරයි. මේ තියෙන්නෙ අපි හදාගත්ත hologram projecter එකේ play කරන්න ඕනි
වීඩියෝ youtube එකෙන් download කරගන්න ඕනි ලින්ක්....

http://www.youtube.com/playlist?list=PLEDIINra_HqJwpS95mu6-18UymW3lXYIJ



Hologram project එකක් හදන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා.

https://youtu.be/uwQYadVz6_A






මේ hologram තාක්ෂණය පාවිච්චි කරලා හදපු සරල වැඩක්. මේකෙදි අපි පාවිච්චි කලේ විදයාවේදී භාවිතා වන සරල සංසිද්ධි කිහිපයක්. මේ තාක්ෂණය භාවිතා කරලා තවත් බොහෝ දේවල් කරන්න පුලුවන්. ඒ ගැන ගොඩක් විස්තර අන්තර්ජාලය මගින් හොයාගන්න පුලුවන්.

හදලා බලලා කොහොමද කියලා කියන්න. මොනවා හරි ගැටලුවක් තියනවනම් කියන්න මං උදව් කරන්නම්. පුලුවන්නම් කමෙන්ටුවක් දාගෙන යන්න. ඔයාලා හැමෝටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

Wednesday, August 17, 2016

Virus නිසා USB DRIVE වල නැතිවුන files නැවත ලබාගමු....

හැම දෙනාටම සුභ දවසක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.

පරිගණක වයිරස් ගැන ඔයාලා දන්නවා ඇතිනෙ.
පරිගණක වයිරස් හුවමාරු වෙන ප්‍රධාන මාධ්‍යක් තමයි පෙන් ඩ්‍රයිව් කියන්නෙ. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නෙ වයිරස් නිසා පෙන් වලින් / sd card අයින් උන අත්‍යවශ්‍ය ෆයිල් නැවත ලබා ගන්නෙ කොහොමද කියලා.


Avast , avaira , Eset වගේ antivirus මෘදුකාංග පාවිච්චි කරලා ඒ වයිරස් අපේ පෙන් ඩ්‍රයිව් වලින් අයින් කලත් වයිරස් වලින් අයින් උන ෆයිල් නැවත ලබාගන්න බෑ. ඒ ෆයිල් නැවත ලබා ගන්නෙ කොහොමද කියලා බලමු.

මේකෙ නම “Pen_ Protector”. මේක පොඩි ෆයිල් එකක් (4K byte). කරන්න තියෙන්නේ පොඩි වැඩක්.


Step 01…. මුලින්ම මේ ෆයිල් එක USB Drive එකට copy කරන්න.


Step 02…. ෆයිල් එක double click කරලා open කරන්න. එතකොට Command prompt වලින් මේ වගේ වැඩසටහනක් open වෙයි.


Step 03…. Keyboard එකේ ඕනි ම key එකක් ඔබන්න.


කරන්න තියෙන්නෙ එච්චරයි. දැන් පෙන් ඩ්‍රයිව් එකට ගිහින් බලන්න අලුතෙන් ෆොල්ඩර් එකක් හැදිලා ඇති. ඒකට ගිහින් බලන්න අයින් වෙලා තිබුන ෆයිල් නැවතත් පෙන්නයි.

වැඩසටහන ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් එක මෙන්න..
https://drive.google.com/file/d/0B5Qd2aMQsG-cc1NJaWZxNkl6Unc/view?usp=drivesdk


Monday, August 15, 2016

River crossing IQ (Android / Apple / Windows)


අපි හැමෝම පරිගණක
ක්‍රීඩා වලට ගොඩක්
ආසයිනෙ.. මේකත් ඒ වගේ ගේම් එකක්.


Android , Apple i phone, windows වලටත් තියනවා. ගැටලු විසදන්න ආස අය මේකට ගොඩාක් ආස වෙයි.

මේ ගේම් එක අයිති වෙන්නෙ තාර්කික ගනයට. ඒ කියන්නෙ මේකෙ තියන levels වල තියන ගැටලු විසදන්න තියෙනෙ.

අපි අහල තියන කතා ගොඩාක් මේකෙ තියනවා.
" තණකොළ මිටියයි සිංහයයි බැටලුවයි ගගෙන් එතෙර කරන්න , පූජකයෝ තුන් දෙනයි යක්කු තුන්දෙනයි ගගෙන් එතෙර කරන්න, වලලු දාන්න, හොරු අල්ලන්න" වගේ ගොඩක් තියනවා. හැම එකක්ම තාර්කිකව විසදන්න තියෙන්නෙ

මුලදි ලේසියි වගෙ තේරුනාට එහාට යන්න යන්න ගොඩාක් අමාරුයි...... ඉවසීම කියන එක ගොඩක් තියෙන ඕනි ගේම් එකක්.  අරගෙනම බලන්න.

Android phones.......
          https://play.google.com/store/apps/details?id=l.t.t.rivercrossingiq&hl=en

Apple i phone.........

https://itunes.apple.com/us/app/river-crossing-iq/id896626950?mt=8


අමාරු logic එකක්නම් මෙන්න මෙ ලින්ක් එකට ගිහින් කොහොමද විසදන්නෙ කියලා බලන්න.